Clean Sri lanka රජයේ වැඩසටහන හා එක්ව කටයුතු කරමින් 2025 නව වර්ෂයේ හොරණ නගර සභාවේ රජකාරි ආරම්භ කිරීම ලේකම් හා බලතල කාර්ය කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ නිලධාරී B.D.A.K ගයන්ති මැතිණියගේ මූලිකත්වයෙන් හා සමස්ත කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් සිදු කෙරුණි. මෙහිදී ආගමික ආශිර්වාදය ලබාදීම සඳහා හොරණ ශ්‍රී පූර්වාරාම කුරුඳුවත්ත මහා පන්සලේ විහාරාධිපති උඩුගල් මොටේ සිරවිමල නා හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් සිදුකරනු ලැබීය.