පොදු ගැටළු හා අභියෝග

කොම්පෝස්ට් කරණය සඳහා කසල අංගනයක් නොමැතිවීම.

නගරසභා බල ප්‍රදේශයේ සෞඛ්‍ය ආරක්ෂිත කටයුතු ආවරණය කිරීම සඳහා එක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ප්‍රමාණවත් නොවීම.

මහජනතාවට පහසුවෙන් ප්‍රවේශ වීමට සුදුසු ලෙස ආයුර්වේද ගොඩනැගිල්ලක් ලබා ගැනීම.

මහජන පුස්තකාලය අධිශ්‍රේණියේ පුස්තකාලයක් ලෙස වැඩිදියුණු කිරීම සඳහා ප්‍රමාණවත් ඉඩපහසුකම් නොමැතිකම හා නවීන පහසුකම් නොමැතිකම.

පරිඝනක ඒකකය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නොමැතිකම.

නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉදිකරන ලද සතිපොල පවතින අඩුපාඩු සකසා සභාවට පවරා දීමට කටයුතු නොකිරීම.

නවීන පහසුකම් සහිත රංග ශාලාවක් හා ශ්‍රවනාගාරයක් නොමැතිකම.

අංග සම්පූර්ණ ක්‍රීඩාංගනයක් නොමැතිකම.

සේවා අවශ්‍යතාවය සඳහා ප්‍රමාණවත් වාහන පහසුකම් නොමැතිකම.

නගර සීමාව තුල භූමියේ භූගත ජල මට්ටම ඉහළ අගයක් ගැනීම නිසා වැසිකිලි පද්ධතිය හා අපජලය උතුරායාම.

විකල්ප මාර්ග පද්ධතියක් නොමැතිකමින් නගරය තුළ පවතින අධික වාහන තදබදය.