හැදින්වීම
බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයෙහි හොරණ මැතිවරණ කොට්ඨාසයට හා හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් හොරණ නගර සභාව වර්ග කිලෝමීටර් 4.53 ක වපසරියකින් යුත් බල ප්රදේශයකි.අවට උස් බිම් පිහිටි භූ විෂමතා ලක්ෂණයක් පෙන්නුම් කළද නගරය පහත් බිමක භූ විෂමතා ලක්ෂණ පෙන්නුම් කරයි.මුළු භූමි ප්‍රමාණයෙන් 95% ක් පමණ ඒකාකාරීව ගෙවතු සහ වගා බිම් විසිරී පවතී.
සාමාන්‍ය වාර්ෂික සාමාන්‍ය වර්ෂාපතනය මිලිලීටර් 3500 ක් පමණ වන අතර ,වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වය 27 – 35 c▫ ක් වේ.තෙත් කලාපීය දේශගුණයක් පවත්නා ප්රදේශයකි.
අවට ප්‍රදේශයේ වෙළඳ නගර මෙන්ම ප්‍රධාන සේවා මධ්‍යස්ථානද පරිපාලන සම්බන්ධතා රැසක්ද හොරණ නගර සභා බල ප්‍රදේශය ඇසුරේ පවතී.නගරය කේන්ද්‍ර කර ගත් ප්‍රවාහන සේවාව දිවයිනේ සෑම ප්රදේශයක්ම සම්බන්ධ කර ඇත.
සභා ඉතිහාසය
ඉංග්‍රීසි පාලන යුගයෙහි ප්‍රාදේශීය පාලනය විධිමත් කිරීම උදෙසා ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විශේෂ අධීක්ෂණය යටතේ විධිමත් සනීපාරක්ෂක ක්‍රියා පද්ධතියක් සඳහා (1892 අංක 18 දරණ කුඩා නගර වල සනීපාරක්ෂක මණ්ඩල පිළිබඳ ආඥා පනත යටතේ) “සනීපාරක්ෂක මණ්ඩල” පිහිටවනු ලැබි ඇත.එම සනීපාරක්ෂක මණ්ඩල බල ප්‍රදේශයේ විධිමත් සනීපාරක්ෂක ක්‍රියා පද්ධතියක් සඳහා කටයුතු කිරීමට පිහිටවනු ලැබූ අතර,ඒ අනුව 1945.01.01 දින ඇරඹුණු ඓතිහාසික පසුබිමක් හොරණ පළාත් සභාවෙහි ආරම්භය පිළිබඳ සනිටුහන් වේ.ආරම්භයේදී ගල්ඒදඬුගොඩ,උඩවත්ත,මුණගම,නගර මධය හා වෑවල කලාප 05 කට බෙදා වෙන්කර පාලන කටයුතු සිදුවිය. 1965 න් පසු කලාප 07ක් ලෙස (ගල්ඒදඬුගොඩ,පිරිවෙන,උඩවත්ත,මුණගම,හොරණ කඩ වීදිය, වෑවල, හල්තොටියාවත්ත) පාලනය සිදුවී ඇත.1987.08.12 දින සිට හොරණ නගර සභාවේ සංස්ථාපනය සිදුවී ඇත.