2015 වර්ෂයේ මැයි මස 15 දින සිට ලේකම් හා බලතල කාර්යය කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ නිලධාරී වෙත පැවරී තිබූ සභාවේ බලතල නිමාවට පත්කරමින් 2018 මාර්තු 28 වෙනි දින මාගේ සභාපතිත්වයෙන් යුතුව නව සභාව ආරම්භ විය.ඒ අනුව හොරණ නගර සභාව මගින් මහජන සෞඛ්‍ය,පොදු මංමාවත් ,මහජන උපයෝගීතා සේවාවන් ඇතුළු නගර සභා ආඥා පනතින් පැවරී ඇති කාර්යයන් ඉටු කිරීමට හැකවීම මා ලද භාග්‍යකි.තවද හොරණ නගර සභා මහජන පුස්තකාලය නවීකරණය කිරීම,මහජන ක්‍රීඩාංගණය නවීකරණය කිරීම,මාර්ග සංවර්ධනය කිරීම,නව කඩ කාමර ඉදිකිරීම හා හාලියැල්ගොඩැල්ල ප්‍රජා ශාලාව ඉදිකිරීම යන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.එසේම ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා හොරණ නගරයේ හදවත බඳු මහජන පුස්තකාලය නූතන යුගයට සරිලන පරිදි ශ්රවනාගාරයක්,විමර්ශන අංශයක් එකවර සිසුන් සියදෙනෙකුට පමණ අධ්‍යන කටයුතු වල නිරතවීමට හැකිපරිදි අධ්‍යන අංශයක් සහිතව වැඩි දියුණු කිරීමට බලාපොරොත්තුවෙමි.ඊට අමතරව වෑවල පෙර පාසල් ගොඩනැගිල්ල පහසුකම් සහිතව සංවර්ධනය කර අංග සම්පූර්ණ පෙර පාසලක් බවට පත්කිරීමටද බලාපොරොත්තු වෙමි.
නගරයේ පවිත්‍රතාවය වෙනුවෙන් අපද්‍රව්‍ය කළමනාකරණය විධිමත් කිරීම උදෙසා සහන මිලට කොම්පෝස්ට් බඳුන් ලබා දීම,හරිත පරිසරයක් ගොඩ නැගීම උදෙසා රුක්රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම,සාංඝික දානමය පිංකම් පැවැත්වීම,සාහිත්‍ය කලා මහෝත්සවය පැවැත්වීම,මහජන සෞඛ්‍ය පවත්වා ගැනීම උදෙසා ඩෙංගු මර්දන වැඩ සටහන් අඛන්ඩව පවත්වා ගෙන යාම තුලින් ජනතාවට සුවදායි ලෙස ජීවත්වීමට සුදුසු නගරයක් බිහිකිරීමට දායකත්වය දැක්විය.එසේම දේශීය ආයුර්වේද වෛද්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කිරීමට අවස්ථාව ලබා ගත්තෙමි.
ඉහත සියළු කාර්යයන් සමඟ හොරණ නගර සභාවේ දැක්ම හා මෙහෙවර යථාර්ථයක් බවට පත්කර ගැනීමට යන ගමනේදී නව තොරතුරු තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් ඉදිරියට යාම අත්‍යවශ්‍ය බව මාගේ විෂ්වාසයයි.නගරවාසී ජනතාවට මෙම වෙබ් අඩවිය මගින් තොරතුරු තාක්ෂණය උපයෝගී කොටගෙන නිසි ප්රතිලාභ හිමිකර දීමට බලාපොරොත්තු වෙමි.