බස්නාහිර පළාත් පාලන දෙපාර්තමේන්තුව සංවිධානය කරන ලද 2024 කාර්ය සාධන තරඟාවලියේ බස්නාහිර පළාත් පළමු ශ්‍රේණියේ මහජන පුස්තකාල අතරින් බස්නාහිර පළාතේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට හොරණ නගර සභා මහජන පුස්තකාලයට හැකිවිය. උත්සවය බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මැතිතුමාගේ ප්‍රධනත්වයෙන්, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ධම්මිකා විජයසිංහ මැතිණිය, බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගි කල්හාරි මැතිණිය ඇතුළු සම්භාවණීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී 2024.12.12 වන දින පැවැත්වීය



