2024 අගෝස්තු මස සේවාවන්

පෙරමුසු (කාපට්) උපයෝගී කරගනිමින් හොරණ නගරයේ මාර්කට් වීදියේ මාර්ග නඩත්තු කටයුතු 2024.08.09 දින සිදු කරන ලදි.

ස්වයං රැකියා කිරීමට අපේක්ෂිත අයට හා ව්‍යවසායකින් බිහි කිරීමෙ අරමුණින් රෙදි පින්තාරු කිරීමේ කලාවට ඇලුම් කරන හා කැමැත්තක් දක්වන අයවලුන්ට ඒ පිලිබඳ පුහුණු වැඩසටහනක් හොරණ නගර සභාව මගින් 2024.08.01 දින ගල්ඒදඬුගොඩ ප්‍රජා ශාලාවේදී පැවැත්විණ.

හොරණ නගර සභාව මගින් ප්‍රථම වතාවට, නගර සභාව විසින්ම සකස් කරන ලද පෙරමුසු (කාපට්) උපයෝගී කරගෙන මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම 2024.08.01 දින ආරම්භ කරන ලදි. මෙමගින් මාර්ග අලුත්වැඩියා කිරීමේදී වැය වූ මුදල අඩුකර ගත හැකි වනු ඇති අතර, මාර්ග අලුත්වැඩියාවෙන්, මහජනතාවට කාර්යක්ෂම හා ඵලදායි සේවාවන් ලබා දීමට මෙමගින් අපේක්ෂා කරමු.