ට්‍රැක්ටර් ටේලරයක් අලුත්වැඩියාවට ලක්කර සේවයට යෙදවීම

හොරණ නගර සභාවේ පෑස්සුම් අංශය විසින් සිදු කරන ලද අලුත්වැඩියා කටයුතු වල තවත් එක් පියවරක් ලෙස සම්පූර්ණයෙන් දිරාපත්ව තිබූ ට්‍රැක්ටර් ටේලරයක් පූර්ණ අලුත්වැඩියාවට ලක්කර සේවයට යෙදවීම අද දින සිදු කරන ලදී. මෙම අලුත්වැඩියාව නගර සභා සේවක නිශාන්ත කරන්නාගොඩ මහතා ප්‍රමුඛ පෑස්සුම් අංශයේ අනෙකුත් සාහායකයින් විසින් ඉටු කිරීම මගින් රුපියල් ලක්ෂ ගණනක ඉතිරියක් නගර සභාවට ඉතිරි කර ගැනීමට හැකිවුණි.