හොරණ වජිරඤාණ අනුස්මරණ අන්තර් පාඨශාලයීය විවාද තරගාවලිය
හොරණ නගර සභාව සහ මහජන පුස්තකාලය එක්ව සංවිධානය කෙරු හොරණ වජිරඤාණ අනුස්මරණ අන්තර් පාඨශාලයීය විවාද තරගාවලියේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨ කණ්ඩායමත්, සමස්ත අනුශූරතාවය දිනා ගැනීමට හොරණ ශ්‍රී පාලි ජාතික පාසල් කණ්ඩායමටත් හැකි විය. හොරණ නගර සභා ලේකම් අචිනි ගයන්ති මැතිනියගේ උපදෙස් මත අවසන් තරගය හොරණ විද්‍යාරත්න රංග ශාලාවේදී අති උත්කර්ශවත් ලෙස පැවැත්වුණි. ජය සංකේත ප්‍රදානය කොළඹ විශ්ව විද්‍යාල අනුබද්ධ ශ්‍රී පාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති ආචාර්ය ප්‍රතිභා මහනාම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.























