හොරණ නගර සභා පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ “පුංචි අපේ චිත්‍ර සහ අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය – 2024”
හොරණ නගර සභා පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය සංවිධානය කරන ලද “පුංචි අපේ චිත්‍ර හා අත්කම් ප්‍රදර්ශනය” අලංකාර චිත්‍ර හා කුඩා දරුවන්ගේ අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය 2024.11.07 වන දින හොරණ නගර සභාවේ ලේකම් හා බලතල කාර්ය කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ නිලධාරී අචිනි ගයන්ති මැතිණියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී. කුඩා දුවා දරුවන්ගේ හසුරු කුසලතා වර්ධනය කර ගැනීම, කණ්ඩායම් හැඟීම, නිර්මාණ කුසලතාවයන් එළිදැක්වීම, ඉවසීම යනාදී ගුණාංගයන් සංවර්ධනය කිරීම උදෙසා චිත්‍ර හා අත්කම් නිර්මාණ ප්‍රදර්ශනයේ මූලික අරමුණ වන අතර ,ප්‍රදර්ශනය නොවැම්බර් 7 සහ 8 දෙදින උදේ 8.00 සිට සවස 4.00 දක්වා පැවැත්වුණි.




















