ගැලරිය හොරණ වජිරඥාන හිමි අනුස්මරණ විවාද තරගාවලිය පිළිබඳ විශේෂ සාකච්ඡාව. හොරණ මුණගම කොට්ඨාශයට සේවා සැපයීම විධිමත් කිරීමේ අරමුණින් අඩක් නිම කර තිබූ ප්‍රජාශාලා ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ නිම කර ප්‍රදේශයේ ජනතාවගේ අයිතියට පත් කළ වගයි. මෙම අවස්ථාවට හොරණ නගර සභාවේ ලේකම්තුමිය ඇතුළු නිලධාරීන් හා මුණගම ප්‍රජා මණ්ඩල නිලධාරින් ඇතුළු ප්‍රදේශවාසීන් ද සහභාගි විය. හොරණ නගර සභාව මගින් ක්‍රියාත්මක කරන හොරණ වජිරඥාන නාහිමි අනුස්මරණ අන්තර් පාඨශාලීය විවාද තරඟයේ පළමු අදියර තරගය හොරණ ශ්‍රී පාලි මණ්ඩපයේදී පවත්වන ලදී. හොරණ නගර සභා ශ්‍රවණාගාරය අලුත් වැඩියා කිරීම සම්බන්ධයෙන් 2024.10.18 දින සාකච්ඡාවක් නගර සභා කාර්යාලයේ දී පවත්වන ලදී. හොරණ නගර සභාවේ පෑස්සුම් අංශය විසින් සිදු කරන ලද අලුත්වැඩියා කටයුතු වල තවත් එක් පියවරක් ලෙස සම්පූර්ණයෙන් දිරාපත්ව තිබූ ට්‍රැක්ටර් ටේලරයක් පූර්ණ අලුත්වැඩියාවට ලක්කර සේවයට යෙදවීම අද දින සිදු කරන ලදී. මෙම අලුත්වැඩියාව නගර සභා සේවක නිශාන්ත කරන්නාගොඩ මහතා ප්රමුඛ පෑස්සුම් අංශයේ අනෙකුත් සාහායකයින් විසින් ඉටු කිරීම මගින් රුපියල් ලක්ෂ ගණනක ඉතිරියක් නගර සභාවට ඉතිරි කර ගැනීමට හැකිවුණි. හොරණ නගර සභාවේ 2025 වර්ෂය සඳහා වූ අයවැය කෙටුම් පත සාකච්ඡා කිරීම 2024.10.16 දින පවත්වන ලදී. හොරණ නගර සභාව මගින් සංවිධානය කරන ලද මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් නගර සභා කනිෂ්ඨ කාර්ය මණ්ඩලය සඳහා 2024.10.10 දින පවත්වන ලදී. හොරණ නගර සභාව මගින් සංවිධානය කරන ලද නව ව්‍යවසායකින් බිහි කිරීමේ අරමුණින් වස විසෙන් තොර දේශීය අමුද්‍රව්‍ය වලින් බයිට් සහ මුරුක්කු සෑදීමේ පුහුණු වැඩසටහනක් 2024.10.09 වන දින ගල්ඒදඩුගොඩ මහජන පුස්තකාලයේ දී පවත්වන ලදී. හොරණ නගර සභාව මගින් සංවිධානය කරන ලද වස විසෙන් තොර දේශීය අමුද්‍රව්‍ය වලින් බයිට් සහ මුරුක්කු සෑදීමේ පුහුණු වැඩසටහනක් 2024.09.27 වන අද දින අතිපූජ්‍ය රැටියල පඤ්ඤාසාර මහජන පුස්තකාලයේදී පවත්වන ලදී. හොරණ නගර සභා පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථානයේ ළමා දින සැමරුම් උළෙල 2024.10.01දින ළමා ක්‍රීඩාංගනය තුළදී පැවැත්වුණි. නගර සභා ලේකම් අචිනි ගයන්ති මහත්මියගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලදී. හොරණ නගරය පිවිතුරු අලංකාර නගරයක් ලෙසට තව දුරටත් සංවර්ධනය කරමින් පවත්වාගෙන යාමට මහා සංඝ රත්නය සමඟ රාජ්‍ය ආයතන එක්ව 2024.09.12 වන දින මූලික සාකච්ඡාවක් පවත්වන ලදී. හොරණ නගර සභාව මගින් 2024.09.13 වන දින හල්තොටියා වත්ත මාර්ගය හා ප්‍රජා ශාලාව අලුත් වැඩියා කරන ලදී. හොරණ නගරයේ ඇති ඔරලෝසු කණුව හොරණ නගර සභාව විසින් අලුත් වැඩියා කිරීම... හොරණ නගර සභාව මඟින් ක්‍රියාත්මක කරන ස්වයං රැකියා වැඩසටහනේ පළමු අදියර යටතේ රෙදි පා පිසි සකස් කිරීමේ හා වූල් ගෙතීමේ පුහුණුව 2024.09.12 දින ආරම්භ කරන ලදී. 5 වසර ශිෂ්‍යත්ව ළමුන් සඳහා උපකාරක සම්මන්ත්‍රණයක් හොරණ නගර සභාව මගින් 224.08.21 දින නොමිලේ පවත්වන ලදි. හොරණ නගර සභාව මගින් ආයුර්වේද වෛද්‍ය සායනයකි 2024.07.30 දින ගල්ඒදඬුගොඩ ප්‍රජා ශාලාවේදී පවත්වන ලදි. ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාව වෙත පිසු ආහාර හා ද්‍රව්‍ය ලබාදීම - 2024.05.06 ගංවතුරින් විපතට පත්වූ ජනතාව සඳහා පිසූ ආහාර ද්‍රව්‍ය ලබා දීමේ කටයුතු සඳහා මූලික සාකච්ඡාව. නගර සභා කාර්යය මණ්ඩලය විසින් ආහාර සකස් කරන අයුරු.. ද්‍රව්‍යමය ආධාර සහ පිසූ ආහාර බෙදා දීමට සූදානම් කිරීම. අවතැන්වූවන්ට ද්‍රව්‍යමය ආධාර සහ පිසූ ආහාර බෙදා දෙන අයුරු. පෙරමුසු (කාපට්) උපයෝගී කරගනිමින් හොරණ නගරයේ මාර්කට් වීදියේ මාර්ග නඩත්තු කටයුතු 2024.08.09 දින සිදු කරන ලදි. ස්වයං රැකියා කිරීමට අපේක්ෂිත අයට හා ව්‍යවසායකින් බිහි කිරීමෙ අරමුණින් රෙදි පින්තාරු කිරීමේ කලාවට ඇලුම් කරන හා කැමැත්තක් දක්වන අයවලුන්ට ඒ පිලිබඳ පුහුණු වැඩසටහනක් හොරණ නගර සභාව මගින් 2024.08.01 දින ගල්ඒදඬුගොඩ ප්‍රජා ශාලාවේදී පැවැත්විණ. හොරණ නගර සභාව මගින් ප්‍රථම වතාවට, නගර සභාව විසින්ම සකස් කරන ලද පෙරමුසු (කාපට්) උපයෝගී කරගෙන මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම 2024.08.01 දින ආරම්භ කරන ලදි. මෙමගින් මාර්ග අලුත්වැඩියා කිරීමේදී වැය වූ මුදල අඩුකර ගත හැකි වනු ඇති අතර, මාර්ග අලුත්වැඩියාවෙන්, මහජනතාවට කාර්යක්ෂම හා ඵලදායි සේවාවන් ලබා දීමට මෙමගින් අපේක්ෂා කරමු. 2024.07.31 දින පවත්වන ලද හොරණ නගර සභාව මගින් මහජන පුස්තකාලය එක්ව සංවිධාන කරනු ලැබූ හොරණ ශ්‍රී මේධංකර මහාවිද්‍යාලයේ අ.පො.ස. (සා/පෙළ) සිසුන් සඳහා විභාගයට සූදානම් වීමෙ උපදේශනා වැඩසටහනක්.. හොරණ නගර සභාව විසින් ප්‍රථම වරට සංවිධානය කෙරුණ වෙසක් කලාපය, පුරා දින පහක් පවත්වමින් 2024.05.27 දින පහන් කූඩු තරඟයේ ජයග්‍රහකයින් සඳහා ත්‍යාග ප්රදානය කිරීම. පහන් කූඩු තරඟය සඳහා ඉදිරිපත් කර තිබූ පහන් කූඩු විනිශ්චය මණ්ඩලය විසින් පරික්ෂා කරන අයුරු.. පහන් කූඩු තරඟය සඳහා ඉදිරිපත් කර තිබූ පහන් කූඩු විනිශ්චය මණ්ඩලය විසින් පරික්ෂා කරන අයුරු.. වෙසක් කාලාපයට සමගාමීව බැති ගී සංදර්ශන හා බෞද්ධ නාට්‍ය පවත්වමින්.... වෙසක් කලාපය නිමිත්තෙන් පහන් කූඩු තරඟය සදහා ඉදිරිපත් කර තිබූ අලංකාරවත් පහන් කූඩු හොරණ නගර සභා සේවක සුභ සාධක සංගමයෙන් සංවිධානය කරනු ලැබූ අවුරුදු උත්සවය.. 2024.05.23 දින සිට 2024.05.27 දක්වා වෙසක් කලාපය නිමිත්තෙන් සමාරම්භය සනිටුහන් කරමින් හා පහන් කූඩු නිරික්ෂණය... බුද්ධ රශ්මි වෙසක් මංගල්‍ය - 2024 2024.05.21 දින පැවති ධර්ම දේශනා වැඩසටහන හොරණ නගර සභා පෙර පාසල් වාර්ෂික විවිධප්‍රසංගය හොරණ නගර සභා - සාහිත්‍ය උත්සවය -2023.11.30 අති පුජ්‍ය රැටියල පඤ්ඤාසාර නාහිමි අනුස්මරණ මහජන පුස්තකාල ස්වයං ක්රියකිරිමේ වැඩසටහන යටතේ පාඨකයන් සදහා ඩිජිටල් කාඩ්පත් නිකුත් කිරීමේ අවස්ථාව ගල්ඒදඩුගොඩ ඡී.ඩී.එල් ගුණවර්ධන අනුස්මරණ මහජන මහඡන පුස්තකාලය ස්වයං ක්රියකිරිමේ වැඩසටහන යටතේ පාඨකයන් සදහා ඩිජිටල් කාඩ්පත් නිකුත් කිරීමේ අවස්ථාව හොරණ නගර සභා මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ සිඟිති දූ පුතුන්,ගුරුතුමියන් හා දෙමාපියන් විසින් ප්‍රථම වරට සංවිධානයකල මඤ්ඤොක්කා දන්සල. (2023.06.02) පුරා වසර 28ක රාජ්‍ය සේවයෙන් හා හොරණ නගර සභා සේවයෙන් විශ්‍රාම ලැබූ අජිත් ඉන්ද්‍රජිත් මාන්නගේ මහතාට හොරණ නගර සභාවේ ලේකම්තුමිය ප්රමුඛ සමස්ථ කාර්ය මණ්ඩලයේ උපහාරය. කපුගල්ල ජංගම සේවයේ විශේෂ අවස්ථා 01 02 03 04 දැනුවත් කිරීමේ වැඩසටහන් 05 06